ශ්‍රි ලංක ාද්වීපයේ නැගෙනහිර පළායේ අම්පාර දිස්ත්‍රික්කය යේ කෙළවරට වන්නට සුන්දර නිස්කලංක භූමියක නාමල්ඔය නම් විදු මාතාව විජය සිංහ විජයබාහු සහ සෙනරත් සෝමරත්න මැතිතුමන්ලාගේ සංකල්පයෙන් ක්‍රිස්තු වෂ 1961 ක් වු මාර්තු මස 6 වන දින ජන්මය ලැබූ වගයි.
විද්‍යාලයට ප්‍රථම විදුහල්පති ලෙස ජී ඒ ප්‍රනාන්දු මහතා ද මුල්ම ගුරුවරු ලෙස වි.ජි. හීන්මැණිකේ ගුරු මෑණියන්ද පී.එම්. චන්ද්‍රසේකර පියාණන්ද නාමල්ඔය විද්‍යාලයට දායක වීමෙන් දරුවන් 96 ඔවුන් සමඟ එක් වී ඇත.
අති දුෂ්කර ප්‍රෙද්ශයක දරුවන්ට සිප් සතර හදාරන්න පහළ වූ මේ පින් බිම කප්රුකක් වැනිය.මෙසේ ඇරඹි අප පාසලේ අකුරු කරන්න මුළින්ම එක් වුයේ යේ බී.ටී.බී තිලකරත්න නම් සිසු දරුවාය. එයසේ ආරම්භ විදු පියසෙන් ක්‍රිස්තු වර්ෂ 1976 දි රජයේ විභාගයට ප්‍රථම වරට සිසු දරුවන් ඉදිරිපත් වීම සතුටට කරුණකි. ක්‍රිස්තු වෂ 1978-1988 දශකය තුළ 500 අධික දරු පිරිසක් මේ විදුපියසෙන් අපේ රටට දායාද වීම මහත් ආඩම්බරයකි.
එසේ බිහි වු දරුවන් අද සමාජයේ වෛද්‍ය, ඉංජිනේරැ සේවාවල ගුරු වෘනියේ , ආරක්ෂක අංශවල වගේම සමාජයේ ඉහළ සේවාවල නිරත වී සිටීම නාමල්ඔය විදු මාතාවට ගෞරවයකි.
මතු අනාගතයට මේ නාමල්ඔය ගමේ මතු පරපුරට නාමල්ඔය විදු මාතාව මිල කළ නොහැකි මේළ පළදනාවක් වේවා,රටේ බැබළෙන පාසලක් බවට නාමල්ඔය විදු මාතාව පත්වේවා යි ප්‍රාර්ථනා කරමු.
