ශ්‍රී ධන ශ්‍රී ගුණ නිළඹර රැව් දී
දිගාමඩුලු පුර කිතු ගොස නැංවූ
සේනාවන් බිහි කළ මේ දෙරණේ
නාමල්ඔය විදුහල් ගරු මෑණී.........................//
කිත් යස ගොස නැගූ දරුවන් සුජනන
රට දැය එකලු කරවු
එක හිත් ඇති ඔබ එක විට නැගිටිවු
පෙරටම පාද තියව්
වැව් තල කෙත් වතු මැදින් හමා එන
මද නළ නැණ පෑදූ
සවි බල ගොවි දන දරුවන් අපි වෙමු
විදුහල් නම පෑදූ
විදුහල් නම පෑදූ.................